මේක මේ දැන් අහන්න ලැබුන කතාවක්.ඇත්තටම වෙච්ච
සිද්දියක් අපේ ලොකුඅම්මට.
(මේකත් පරණ එකක් ඈ - 2010/12/31)
අපේ ලොකුඅම්මා ඔය ජෝතිෂ්‍යය තදින් විස්වාස
කරන කෙනෙක්.මොනවහරි දෙයක් උන ගමන ඉතින් එකේ ජෝතිෂ්‍ය පදනම හොයනවා.ලොකුඅම්මලගේ ගෙවල්
පැත්තේ ඉන්නවා ටිකක් ප්‍රසිද්ද ජෝතිශ්යඥයෙක්.ඉතින් මිනිහගෙන් තමයි උපදෙස් එහෙම ගන්නේ. (අපරාදෙ කියන්න බෑ ඒ උණාට ඔය යකා නිසා ගෙදර මිදුලෙ වලවල් පහ හයක්ම කපන්න උණා ළිඳකට)ලොකුඅම්මලගේ
ගෙදර තියෙනවා එක පොල් ගහක,ඕකේ එක ගෙඩියක් වත් නැහැ.ඉතින් අපේ ලොකුඅම්මට කව්ද
කියල තියෙනවා ඕකේ ගෙඩි එන්න කරන කෙමක් ගැන.ගෙදර කෙනෙක් නිර්වස්ත්‍රව ගිහින් පොල් ගහට
පිහියකින් කොටන්න ඕන කිව්වලු.
ඉතින් ඕක අපේ මල්ලිට( අපේ මල්ලි කියන්නෙ ලොකුඅම්මගෙ පොඩි එකා) කිව්වාම මිනිහ "අම්මට පිස්සුද" කියල අහල ෂේප් වෙලා,ඉතින් අපේ මහප්පට තමයී වැඩේ සෙට් උනේ.
ඉතින් ඕක අපේ මල්ලිට( අපේ මල්ලි කියන්නෙ ලොකුඅම්මගෙ පොඩි එකා) කිව්වාම මිනිහ "අම්මට පිස්සුද" කියල අහල ෂේප් වෙලා,ඉතින් අපේ මහප්පට තමයී වැඩේ සෙට් උනේ.
ඉතින් ඔන්න රෑ වෙලා, ඔක්කොම වටේ පිටේ ගෙවල් වල ලයිට් නිවනකන් ඉදල මහප්පා නිර්වශ්තෙර්න් තඩි
මන්න පිහියකුත් අරන් ගිහින් පොල් ගහට කොටනවලු.
මේ මහා රෑ ජාමේ දඩි බිඩි සද්දේ මොකද්ද බලන්න එහා ගෙදර මෑන් දැම්මලු ලයිට් එක. ගිනි විජ්ජුම්බරයයි,අපේ ලොක්කා එහෙම්මම පාත් වෙලා ළඟ තිබ්බ පඳුරකට මුවා උනාලු...........
මේ මහා රෑ ජාමේ දඩි බිඩි සද්දේ මොකද්ද බලන්න එහා ගෙදර මෑන් දැම්මලු ලයිට් එක. ගිනි විජ්ජුම්බරයයි,අපේ ලොක්කා එහෙම්මම පාත් වෙලා ළඟ තිබ්බ පඳුරකට මුවා උනාලු...........
පොස්ට් එඩිට් එකට ගිහින් , පෝස්ට් ඩේට් එක 2010/12/31 විදිහට වෙනස්කරහං බලන්ඩ
ReplyDeleteහරි අයියෙ.
Deleteවැඩේ හරිගියා!
රොම්බ තෑන්ක්ස්
මාර කෙමක් ඒක 😂😂
ReplyDeleteකෙම් ක්‍රම තමා ඉතිං
Delete