Friday, December 31, 2010

ආදරය සහ කෑම


2010/12/31



ආදරේ අන්ධයි කියනවලුනෙ.....එ වගෙම තමයි ආදරෙ හන්ද ගුටි පූජා එහෙමත් වරදින්නෙ නැහැ.මම මෙ කියන්න යන්නෙ අපේ එකෙක්ගෙ ලව් එකක් හන්ද තව පොඩ්ඩෙන් අපි කන්න ගිය කෑමක් ගැන.
මේක උනෙ හරියටම අපි 11 වසරෙ ඉන්ද්දැද්දි.මගෙ යාලුවෙක් හිටියා මරදානෙ තියෙන ප්‍රසිද්ද පාසලක.මූ පාරෙ පොලිසියෙ(ඉස්කෝලෙ ට්‍රැෆික් යුනිට් එක) ඉන්නවා.ඉතින් උදේ පාන්දරම කොල පාට ජැකට් එකත් දාගෙන මුන් සෙට් එක මරදානෙ මුන්ගෙ ඉස්කෝලෙ ඉස්සරහ ඩියුටි කරනවා......
එ අස්සෙ ඔතනින් හමදාම උදේ හවස යන එන කෙල්ලෙක් හිටියා ආනන්ද බාලිකාවෙ,මාරම ලස්සනයි,පොෂ් කෙල්ලෙක්,මේ කෙල්ල ඉතින් අපෙ බුවාට පනාව දාගෙන යනවලු ඉතින් හමදාම.ඔන්න ඉතින් දැන් මූත් කෙල්ල ගැන කියෝනවා හමවෙලේම.
අපෙ ඉස්කෝලෙ තිබ්බෙ ඊට ටිකක් ඈතින්.ඉතින් මම මූට කිව්වා මටත් අසයි උඹේ සුරන්ගනාවි බලන්න කියල.ඒ කාලෙ කැමරා ෆෝන් තිබ්බෙ නෑ.ඉතින් මූ රීල් දාන කැමරාවකින් ෆොටෝ අරන් ගෙනත් පෙන්නුවා අපිට.

කොහොම කොහොම හරි ඉතින් දවසක අපේ බුවා ලියුමකුත් දුන්නා කෙල්ලට,කෙල්ලත් ලැජ්ජවෙන් ගත්තාලු ඕක.ඔහොම ගිහින් ඉතින් අපිට ඕන උනා කෙල්ලගෙ සමාජ තත්ත්වෙ බලාගන්න,ධනා කිව්ව(ධනා කියන්නෙ අපෙ සෙට් එකේ හිටපු ලොකුම එකා.ලොකුම කිව්වෙ වයසින් නෙවේ.සයිස් එකෙන්.),මචන් අනිවා ඕකි හොඳ ෆැමිලි එකක කෙල්ලෙක්,බලපන් පොශ් පාට කියලා..........ඉතින් මූගෙ බල කිරීමට අපි දවසක් ගිය ඉස්කෝලෙ ඇරිලා කෙල්ලගෙ පස්සෙන්.කෙල්ලගෙ මාලිගාව බලන්න.

අනේ ඉතින් කෙල්ල දැන් අතුරු පාරවල් වලින් හැරි හැරී යනවා,අපි පස්සෙන් යනවා.ඔහොම ගිහින් කෙල්ල එන්ටර් උනා කුප්පියවත්තට...හනේ හපොයි.............
ඊටපස්සෙ අපිට දැන් ෆුල් අන්දොස්...
ඔහොම ඉස්සරහට යනකොට ඇඟ පුර පච්ච කොටගත්ත අයියා කෙනෙක් ආවා ඉස්සරහට.අපි කොල්ලො 6ක් විතර හිටියා.මූ ඇවිත් අහපි,උඹලාගෙන් කව්ද අපෙ නන්ගිට ට්‍රයි කරන්නෙ කියලා.එවෙලෙ මටනම් හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාල තිබ්බෙ.මක් කරන්නද ඉතින්,කොල්ලො සෙට් එක වාෂ්පඅපෙ කකුල් වලට එච්චර හයියක් තියෙනවා කියලා දැනගත්තෙ එදා තමයි.කොහොමෙන් කොහොමෙන් හරි අපෙ කොල්ලා ඊළඟ මාසෙම පාරෙ පැත්තෙ දකින්නවත් ආවෙ නැහැ.පස්සෙ ආරන්චි උනේ කෙල්ලගෙ අයියා බල්බෙ ද මොකෙක්ද එකෙක් කියලා.........අපි තමත් අරූට කෙල්ල ගැන කියල මතක් කරනවා.......තව පොඩ්ඩෙන් කපුවා කපෝති තමයි ඉතින්..............

No comments:

Post a Comment